මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    “ගමට ගෙයක් - රටට හෙටක්” දිවයන පුරා නිවාස ඉදිකිරීමේ ජාතික නිවාස වැඩසටහන - ප්‍රථම නිවස ජනතා අයිතියට

    මාර්තු 01, 2020

    “ගමට ගෙයක් - රටට හෙටක්” දිවයන පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ ජාතික නිවාස වැඩසටහන යටතේ නිමකළ ප්‍රථම නිවස සංඛේතාත්මකව ජනතා අයිතියට පත්කිරීම නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 වන ඉරිදා  දින පෙ. ව. 09.30 ට ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල, ඔචට් වත්ත ග්‍රාමයේ දී සිදුකෙරේ.

    ජීවත්වීමට ස්ථීර නිවසක් නොමැතිව සිටින අඩුආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසදීමේ අරමුණින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ “ගමට ගෙයක් - රටට හෙටක්” දිවයන පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි 01 දින කුරුණෑගල දී ආරම්භ විය.

    දින 60 තුළ නිවාස ඉදිකර අවසන් කිරීමේ ඉලක්කයක් සහිතව මෙම වැඩසටහන ආරම්භ කළ නමුත්, දින 30 කට අඩු කාලයක දී පළමු නිවස අංගසම්පූර්ණව ඉදිකර අවසන් කිරීමට රජයට හැකිවීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya