ජනතාවට අවහිර වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස අධිකරණ නියෝගයක් ද ලැබී ඇති බව පොලීසිය දැන්වුවද එයට සිසූහූ විරෝධය දක්වමින් එම ස්ථානයේ රැදී සිටීමට කටයුතු කර තිබේ.
පොලීසිය හැටියට පහර දෙන්න කිසිම අවස්ථාවක කැමැත්තක් නොදක්වන බව එහිදී න්යෝජ්‍ය පොලිස්පතිවරය එහිදී සිසුන්ට ප්‍රකාශ කර තිබේ.එහිදී පදික වේදිකාව අවහිර වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරය සිසුන්ට පෙන්වා දුන්නේ ය.
මේ පිළිබඳව සිසුන් දැනුවත් කර සමථකරණයකට පැමිණි බවත් කිසිදු ගැටුමකට නොපැමිණි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ ය. එමෙන් ම අධිකරණයේ නියෝගයක් තිබියදී ඊට පටහැනිව කටයුතු කරනවා නම් එයට කටයුතු කිරීම අවශ්‍ය බවත් බලය පාවිච්චි කිරීම සිදු නොකිරීමට හැකිතාක් උත්සහ කරන බවත් මෙම ප්‍රශ්නය සාමකාමීව විසඳාගැනීමට උත්සහ කරන බවත් එසේ නොමැති වුවහොත් නීතියේ ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන්නට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඒ අනුව අද (01) උදෑසන සිසුන් පිරිස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් සිසුන් මෙසේ විරෝධතාවයක යෙදී සිටින බව පැවසේ.