තවද දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් , රෝහල්, දුම්රිය ස්ථාන, ළමා නිවාස ඇතුළු පොදු ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන රැසක්ද නවීකරණය කිරීම සඳහා ගුවන් හමුුදාව සිය ශ්‍රම දායකත්වය සපයා ඇති අතර මෙම සතිය තුළදී එම වැඩ නිමකර අදාළ ආයතන වෙත භාරදීමට නියමිතය.
පසුගිය අවුරුදු 69 ක කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් ඉටු කිරීම සඳහා දායකත්වය ලබා දුන් අතර මේ දක්වා ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙකු නායකත්වය සහ මගපෙන්වීම ලබා දී ඇත.
හෙටට යෙදෙන ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් (01) දිනයේ කැලණිය රජමහා විහාරයේ පිච්ච මල් පූජාවක් පැවැත් වුණු අතර අඛණ්ඩව 21 වන වරටත් පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 05,06 සහ 07 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ
මෙම සතිය පුරාවටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.