මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    “පොදු ජන සරණී” ජංගම සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන වැඩසටහන රත්නපුරයේ දී- රත්නපුර රෝහලේ මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීමට සැලසුම්

    මාර්තු 02, 2020

    රත්නපුර ප්‍රදේශවාසී ජනතාවගේ පොදු අවශ්‍යතා හඳුනාගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සංකල්පයක් අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන “පොදු ජන සරණී” ජංගම සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන වැඩසටහන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ දේශපාලන නායකයින්ගේ සහභාගීත්වයෙන්  රත්නපුර බටුගෙදර මහා විද්‍යාලයේ දී (විද්‍යාරාජ විද්‍යාලය) පැවැත්විනි.

     

    මෙහිදි පැවැති උත්සව සභාව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදි.

    මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ; “මම ඉපදුණ හුදුන වැඩුන මේ දිස්ත්‍රික්කයේ මේ ජනතාව නිසයි මා දේශපාලන නායකත්වයට අද පත් වුණේ. මට ලැබෙන හැම අවස්ථාවෙම හැම වෙලේම මේ මිනිසුන්ට ශක්තියක් වෙන්න, මගේ මිනිසුන්ගේ ජිවිත ගොඩනගන්න මම කටයුතු කරනවා. අපි මේ ප්‍රදේශයේ සංවර්ධනය නොවී තිබූ රත්නපුර රෝහල ඇතුලු රෝහල් සංවර්ධනය කරන්න පියවර ගත්තා. සෞඛ්‍ය අමාත්‍යධූරය ලැබුන පසු රත්නපුර රෝහලේ මානව හා භෞතික සම්පත් ඉහළ නංවමින් ජාතික රෝහලට දෙවැනි වෙන එකම රෝහල බවට පත් කිරීමට තීන්දු කළා. ලක්ෂ 300 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබාදුන්නා. වෛද්‍ය සහ හෙඳ නිල නිවාස ගොඩ නැගීමට ලක්ෂ 6000 ක් පමණ මුදලක් තීන්දු කළා. නව පිළිකා ප්‍රතිකාර කටයුතු සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සදහා කෝටි 500 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කළා. නව හෘද රෝග එකකය සදහා ලක්ෂ 13000 ක් වෙන් කළා. අද මගේ අධිෂ්ඨානය රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම රෝගියෙක් වැඩිදුර ප්‍රතිකාර සදහාවත් කොළඹ රෝහල්වලට යවන් නැතිව රත්නපුර රෝහලෙන් සියලු සේවාවන් ලබාදෙන තත්ත්වයට රත්නපුර රෝහල පත් කිරීමට කටයුතු කිරීමයි.”

    මෙම ජංගම සමාජ සත්කාරක වැඩසටහන සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය, සමාජ සේවා දෙපාර්තුමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව, “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදල, සමාජ ආරක්ෂණ මණ්ඩලය, සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC), ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශික්ෂණ හා රජයේ රෝහල්, ජාතික සෞඛ්‍ය සභාව, වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI), ජාතික සෞඛ්‍ය විද්‍යාතනය, අෂ්රොෆ් අනුස්මරණ රෝහල, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පාසල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF), පෞද්ගලික වෛද්‍ය ආයතන සභාව, ජාතික වෘක්කවේදී, කාන්දු පෙරීම හා බද්ධ කිරීමේ ආයතනය, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය (NATA), 1990 සුවසැරිය පදනම, ආයුර්වේද දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද විද්‍යාල සහ රෝහල් මණ්ඩල, ආයුර්වේද ශීක්ෂණ සහ පර්යේෂණ රෝහල, හෝමියෝපති රෝහල, හෝමියෝපති වෛද්‍ය සභාව, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, වකුගඩු අරමුදල ඇතුලු පෞද්ගලික ආයතන රැසක් සේවා සපයනු ලැබීය.

    මෙම වැඩසටහනේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රසායනාගාර සේවා ඇතුලු සෞඛ්‍ය සේවාවන් රැසක් දියත් කරන ලදි. එමෙන්ම අධික වියදමක් වැය වන වකුගඩු රෝගී පරීක්ෂාව ද නොමිලේ සිදු කිරීමට පියවර ගෙන තිබුනි. සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් 10,000 ක් සදහා එක් පවුලකට රුපියල් 45,000 බැගින් වූ ආධාර මුදල් ලබාදීම ද, ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් ආබාධිත පුද්ගලයින් සදහා රෝද පුටු සහ කිහිළිකරු ලබාදීම ද, ප්‍ර දේශයේ දරුවන් හට ශිෂ්‍යාධාර ලබාදීම, ස්වයං රැකියා සදහා ආධාර මුදල් ලබාදිම, සිදු විය.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන මහජන නියෝජිතයින්, “පොදුජන සරණී” ජංගම සත්කාරක සේවාව සදහා සහභාගි වූ සියලු අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya