මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මහ මැතිවරණය පැවැත්වීමේ කටයුතුවලට මැතිවරණ කොමිසම සූදානම් වෙයි - දිස්ත්‍රික් ලේකම්වරුන් 05 දා කොළඹට කැඳවයි

    මාර්තු 02, 2020

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්න ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නාමයෝජනා භාර ගන්නා දිනට ගැසට් මඟින් නිවේදනය කරන අතර ඉන්පසු ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ.
    දේශපාලන පක්ෂ සහ ස්වාධින අපේක්‍ෂකයින් විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු ආකාරය, තැපැල් ඡන්ද භාවිතය පිලිබඳ උපදෙස් හා තැපැල් ඡන්ද පැවැත්වෙන දින ඉන්පසු නිවේදන මඟින් ප්‍රසිද්ධ කරන බව ද ඒ මහතා කීය.

    මේ අතර මහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාර්තු 05 වැනි දා සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් කොළඹට කැඳවා ඇත.

    මෙහි මහ මැතිවරණයට අලුතින් ලියාපදිංචි ඡන්ද දායකයින් 271,000 ක් එකතු වී ඇති බැවින් ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීම පිලිබඳ ව මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි ද චන්න ද සිල්වා මහතා තවදුරටත් කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya