වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ, මේ වන විට එවැනි මූල්‍ය සමාගම් කීපයක් කඩා වැටීමක් දක්නට ලැබෙන බවයි. වගකිව යුතු රජයක් ලෙස ශක්තිමත් රජයක් පිහිටුවිමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2015 වන විට ආර්ථික වර්ධන 7%ක පමණ වේගයන් තිබු අතර මේ වන විට එය 1.7%ක බිඳ වැටීමකට ලක් වීමෙන් මෙම මුල්‍ය අර්බුදය සිදු වී ඇතැයි ඇමතිවරයා කීය.
මේහිදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පැවසුවේ,ලංකාවේ බහුතරයකට මුල්‍ය සාක්ෂරතාවය නොමැති බවත්,මේ වැඩසටහන යටතේ ලංකාවේ සියලු ප්‍රදේශ වලට ගොස් ඒ සම්බන්ධයෙන් වැඩසටහන් කිරීමට බලාපොරොත්තු වන බවය.