මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම් රාජකාරි අරඹයි

    මාර්තු 02, 2020

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම් ලෙස ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා අද (02 ) දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් රාජකාරි ආරම්භ කළේ ය.

    පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරියෙකු වන .කරුණාරත්න මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රාජකාරි ආරම්භ කිරීම සිදුවිය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල ප්‍රදේශයේ උපන් කරුණාරත්න මහතා, හග්ගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය සදහා නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයට ඇතුළත්ව වානිජ අංශයෙන් උසස් පෙළ සමත්විය.

    අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව වානිජවේදී උපාධිය සමත්ව ප්‍රජා සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධියද ලබා ගත්තේය.ඉන් පසුව බැංකු කළමනාකරුවෙකු ලෙසත් භාරකාර අරමුදලේ සංවර්ධන කළමනාකරු ලෙසත් සමුපකාර කළමනාකරණය පිලිබද ආයතනයේ උපදේශකවයකු ලෙසත් රාජකාරි කළේ ය.

    1992 වසරේ පරිපාලන සේවා විභාගය සමත්වන කරුණාරත්න මහතා මහවිලච්චියේදී පරිපාලන සේවා පුහුණු කටයුතු සිදු කළේ ය.ඉන් පසුව කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස පත්වීම් ලැබ කටයුතු කෙරිණි.

    පසුව අම්බලන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් බස්නාහිර පලාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා කළුතර සමූපකාර කොමසාරිස් ලෙසත් තරුණ කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශයේ සහකාර ලේකම් ලෙසත් පරිසර අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළේ ය.

    කළුතර දිස්ත්‍රික්කයේ පලමුවන සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙසද රාජකාරි සිදු කරන ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා, පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පාලක ලෙසත් සමුපකාර සංවර්ධන කොමසාරිස් කටයුතු කළේ ය.

    එම කාලයේදී සමුපකාර ව්‍යාපාරය ගොඩනැන්වීම සදහා සුවිශේෂී රාජකාරි කොටසකු ඉටු කෙරුණී. පසුව වෙළද අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසත් සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසත් රාජකාරි කරන අතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස පත්විය.

    2016.02.25 වැනිදා සිට 2018.03.12 වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ කරුණාරත්න මහතා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්විය.

    පසුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩුව පැවති දිස්ත්‍රික් ලේකම් තනතුර සදහාය ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා අද වැඩ භාර ගත්තේ ය.

    මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන,දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරු,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එම්.බී.චන්ද්‍ර නිමල්,ප්‍රධාන ගණකාධිකාරී ඩබ්ලව්.ජී.එන්.අබේවික්‍රම,අභන්තර විගණක කේ.සුමනදාස,සහකාර දිස්ත්‍රික් ලේකම් ශශිනි වසන්තා ජයනෙත්ති යව මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

     

    ( දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට )

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya