මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අභ්‍යයන්තර වෙළද ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔප්පු ප්‍රධානය සිදුවිය.
තිස්සමහාරාම, හම්බන්තොට, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව, අගුණුකොළපැලැස්ස, වීරකැටිය, වලස්මුල්ල, කටුවන, තංගල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල වසර 50කට වැඩි කාලයක් පදිංචිව සිට ඉඩමේ අයිතියක් නොලැබු පවුල් 1200කට පමණ මෙහිදී දීමනා පත්‍ර හා, බල පත්‍ර ලබා දීම සිදුකෙරිණි.
රජයේ ඉඩම් සදහා බල පත්‍ර හා දීමනා පත්‍ර ලබා දීමේ කඩිනම් වැඩසටහන 2020 යටතේ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව,දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙය සංවිධානය කෙරිණි.
DMU/Hambanthota