මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ ගාල්ල හෝමාදොල වතුයායේ නිවාස 50ක් සඳහා මුල්ගල තබයි

    මාර්තු 03, 2020

    ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ ගාල්ල හෝමාදොල වතුයායේ නිවාස 50ක් සඳහා මුල්ගල තබයි

    2020 මාර්තු මස 2 වන දින ගාල්ල, උඩුගම, හෝමාදොල වතුයායේ පැවති විශේෂ උත්සවයකදී වැඩබලන ඉන්දීය මහ කොමසරිස් විනෝද් කේ. ජේකබ් මහතා, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු
    යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතා සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ එම වතුයායේ
    ඉදිකෙරෙන නිවාස 50ක් සඳහා මුල්ගල තබන ලදී.

    මෙම ව්‍යාපෘතිය වතුකර ප්‍රදේශයන්හි ජනතාව සඳහා නිවාස 14,000ක් ඉදිකිරීමට ඉන්දියාව වූ පොරොන්දුවේ කොටසකි. නිවාස 60,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරනු ලබන ඉන්දීය නිවාස
    ව්‍යාපෘතිය ඉන්දියානු ප්‍රදාන යටතේ ඉන්දීය රජය විසින් විදේශ රටක ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ව්‍යාපෘතිය වේ. මේ අතරින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 46,000ක්
    දැනටමත් ඉදිකර ප්‍රතිලාභීන්ට භාර දී ඇත.

    වතුකර ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත නිවාස 14,000න් නිවාස 2,500ක් මේ වන විට ඉදිකර ඇත. මෙයට අමතරව, ඉන්දීය රජය ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරා
    නිවාස 2,400ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා නිවාස අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

    මෙම ව්‍යාපෘතීන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා දරන කැපවීමේ කොටසකි. ඉන්දියාව මේ වන විට ඇමරිකානු
    ඩොලර් බිලියන 3.5ක පමණ සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 560ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya