මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ගුරු උපදේශක වෘත්තිය සේවාවක්

    මාර්තු 03, 2020

    ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට ඊට අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ සැනින් ගුරුවරුන් 4971ක් ගුරු උපදේශකවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතය.

    පසුගිය පෙබරවාරි 28 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය විය.

    වසර 62ක් තිස්සේ නොවිසඳී පැවති ගුරු උපදේශක වෘත්තියේ ගැටලු විසඳීම සම්බන්ධව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවට ස්තුති කිරීම ද මෙහිදී සිදුවිය.


    එලෙසම උසස් අධ්‍යාපනය සදහා වෘත්තිය නැඹුරුවකින් යුත් පරිගණක උපාධි පාඨමාලාවක් හදුන්වා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ,පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජයරත්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ,පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya