මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    බලංගොඩ සහ රක්වාන ආසනවල පිහිටි රෝහල් සෞඛ්‍ය අමාත්‍යවරියගේ හදිසි නිරීක්ෂණයට

    මාර්තු 03, 2020

    රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ රක්වාන ආසනවල පිහිටි ප්‍රාදේශීය රෝහල්, දිසා රෝහල් සහ මුලික රෝහල් පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ විශේෂ නිරික්ෂණයට ලක් විය. මෙහිදී ඒම රෝහල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීමට අදාලව තින්දු තීරණ රැසක් ගනු ලැබීය.

     

    බලංගොඩ මුලික රෝහල පළමුව නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය රුපියල් ලක්ෂ 170 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ එම රෝහලට ලබාදීමට පියවර ගන්නා ලදි. එමෙන්ම රුපියල් ලක්ෂ 500 ක මුදලක් රෝහල් සංවර්ධන කටයුතු සදහා ලබාදීමට පියවර ගන්නා ලදි. 1996 දී “ඹ්” ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කරන ලද බලංගොඩ මූලික රෝහල “ඇ” ශ්‍රේණියේ රෝහලක් බවට පත් කරන ලෙස රෝහල් පාලනාධිකාරිය මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි අතර, කරුණු විමසා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරිය බලංගොඩ මුලික රෝහල ''එඊ'' ශ්‍රේණියේ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය.

    දෙවනුව බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහල නිරික්ෂණයට ලක් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 220 ක වටිනාකමකින් යුත් හදිසි අනතුරු ඒ්කකයක් ඇතුලු සියලු පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ අතර, රෝලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් පරිත්‍යාග කරන ලදි. එමෙන්ම රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ද ප්‍රදානය කරන ලදි.

    අනතුරුව කල්තොට දිසා රෝහල නිරික්ෂණය කරමින් රෝහලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 100 ක් පිරිනමන ලද අතර, වෛද්‍ය නිල නිවාස 04 ක් ලබාදීමට ද කටයුතු කරන බව ද පැවැසීය.

    මහවලතැන්න ග්‍රාමීය රෝහල නිරීක්ෂණය කරමින් රෝහල් පාලනාධිකාරියේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම මත සතියකට දෙවතාවක් දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් සායන කටයුතු සදහා සහභාගීකරවීමටත්, ළමා රෝග සහ කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරුන් මසකට වරක් සායන පැවැත්වීම සදහා යෙදවිමට අවශ්‍ය කටයුතු සළසන බව ද පැවැසිය.

    රක්වාන ආසනයේ වැලිගෙපොල දිසා රෝහල නිරික්ෂණය කරමින් රෝහලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන ලද අතර, රෝහලේ අත්‍යාවශ්‍ය අඩුපාඩුවක්ව පවතින රසායනාගාර සේවා ආරම්භ කිරීමට කටයුතු තරන බව ද පැවැසීය. අනතුරුව රංවල ප්‍රාදේශිය රෝහල නිරීක්ෂණය කරමින් රෝහලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන ලද අතර, හදිසි ප්‍රතිකාර ඒ්කකය සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බවද පැවැසීය. ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කරමින් රෝහලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන ලද අතර, රක්වාන දිසා රෝහලේ ක්ෂණික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන ලද අතර රක්වාන දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්හට උපදෙස් ලබාදෙන ලදී .

    මෙම සංචාරයේ දී ඉහත සියලු රෝහල්වල මානව සම්පත ඉහළ නැංවීම සදහා කඩිනමින් පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩී.එම් මාලනී මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංන්ගර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රෝහල් පාලනාධිකාරිය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya