මෙම ධාන්‍ය වියළීමේ යන්ත්‍රය ලබාදීමේ ලබා දීමේ කටයුත්තට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙම වැඩපිළිවෙළ යටතේ රට පුරා පවතින රජයේ ධාන්‍ය ගබඩා සඳහා ධාන්‍ය වියලීමේ යන්ත්‍ර 2500ක් ලබාදීමට නියමිතය. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම උපුල්දෙනිය ගබඩාවට ඉහත යන්ත්‍රය ලබාදුන් අතර ඉදිරි මාසය තුළ තවත් යන්ත්‍ර 24 සවි කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් කෘෂි ව්‍යවසායකයාගේ ආර්ථිකය නගා සිටුවීමට හැකි බවත් ගබඩා පහසුකම් නොමැතිවීමෙන් අස්වනු නෙලාගත් විගස ඒවා අතරමැදියන්ට විකිණීමට සිදුවන තත්ත්වයෙන් ඔවුන්ට මිදීමට හැකිවන බවත් මෙහිදී අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
එසේම නිසි ප්‍රමිතියෙන් යුත් ධාන්‍ය තොග පවත්වාගෙන යෑමට කෘෂි ව්‍යවසායකයන්ට ඉඩකඩ සලසා දීමට ඉදිරිපත් වූ 'පැක්මෝ 'ජෙනරල් ට්‍රේඩින්' පුද්ගලික සමාගමට ස්තූතිය පුද කරන බව ද වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් පුද්ගලික සමාගමේ සභාපති දුලත් විජේතිලක මහතා එක් විය.