මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    වොල්බැකියා බැක්ටීරියාව මෙරට තුළ සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය ලබාගන්නා ඉතා විශාල ජයග්‍රහණයක්

    මාර්තු 03, 2020

     වොල්බැකියා බැක්ටීරියාව මෙරට තුළ සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය ලබාගන්නා ඉතා විශාල ජයග්‍රහණයක් බවත්, එමගින් ඩෙංගු මර්දනය සඳහා විශාල පිටිවහලක් ලැබෙනු ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව පැවසුවේ වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරිම සදහා (02) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති උළෙලේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාසිංහ මහතා පැවසුවේ කොපමණ උත්සාහ කළත් මෙරට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ක්‍රියාදාමය ජනතාවගේ පසුගාමීත්වයත් සමඟ එතරම් සාර්ථක ලෙස සිදුනොවන බවත් එම නිසා මෙය සාර්ථක වීම තුළ පවතින තත්වයට වඩා පියවර රාශියක් ඉදිරියට යාමට හැකි බවත්ය.

    මෙම වොල්බැකියා බැක්ටීරියාව ඔස්ට්‍රේලියාව විසින් අප රට තුළ පරික්ෂණ පැවැත්වීම සඳහා ලබා නොදුන්නක් බවත් එය ඔවුන් සිය රට තුළ මෙන්ම රටවල් 13කදී ද සාර්ථක වූවක් බවත් පැවසීය.

    මෙය තවමත් නියමු ව්‍යාපෘතියක් මට්ටමේ පවතින බවත්, එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් කාලයක් ගතවන බවත් එමනිසා සියල්ල වොල්බැකියාවලට භාරනොදී සුපුරුදු පරිදි පරිසරය පිරිසුදුව තබාතගැනීමේ සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුත්ත අඩපණ නොකර ඉදිරියට කරගෙන යන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya