මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු රෝගය මර්දනය කිරීමට වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන්

    මාර්තු 03, 2020

    ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා යොදාගන්නා වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයට නිදහස් කිරීමේ සමාරම්භක උළෙල (02) දා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්විනි.

    මෙම උත්සවයට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඔස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහභාගි වූ අතර ආරාධිත අමුත්තන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සභාපති නීතිඥ මදුර විතානගේ මහතා සහභාගි විය.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ වොල්බැකියා බැක්ටීරියාව ඇතුල් කළ මදුරු බිත්තර සහිත කැප්සියුල මදුරු බඳුන්වල බහා බෙදා හරින බවත් එමගින් බිහිවන වොල්බැකියා බැක්ටීරියාව සහිත ඊඩිස් ඊජිප්ටයි මදුරුවන් අනෙකුත් එම වර්ගයේ මදුරුවන් සමඟ ප්‍රජනනය සඳහා එක්වූ විට එමගින් බිහිවන ඊළඟ පරම්පරාවේ මදුරුවන්ට ඩෙංගු වෛරසය ගෙනයාමට හැකියාවක් නොමැති බවයි.


    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම බැක්ටීරියාව මෙරට සමහර කෘමි සතුන්ට උපතින්ම පිහිටන බවත් එහෙත් මදුරුවන්ට එය පිහිටා නොමැති බවත්ය. එම නිසා කෘත්‍රිමව එම බැක්ටීරියාව මදුරුවන්ට ඇතුලු කිරීම හරහා ඩෙංගු මරදනය කිරීමට හැකි බව පැවසු ජයසේකර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් මහජනතාවට බියවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් මෙම බැක්ටීරියාව හරහා මනුෂ්‍ය ශරීරයට හානියක් නොවන බවත්ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya