මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    “මොරටු ලී” සන්නාමය එළිදැක්වේ

    මාර්තු 03, 2020

    දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස “මොරටු ලී” සන්නාමය එළිදැක්වේ.

    තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලාංකීය දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය උසස් තාක්ෂණික ගෝලීය අපනයන වෙළෙඳපොළ දක්වා රැගෙන යාමත්, නවෝත්පාදනය හරහා දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස මෙරටුව දැව කර්මාන්තයේ අනන්‍යතාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් “මොරටු ලී” සන්නාමය එළිදැක්වීම කටුබැද්ද, ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පරිශ්‍රයේ දී පසුගිය දා සිදුකෙරිණි.

    ශ්‍රී ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTTI), මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහයෝගීතාවෙන්, ඒකාබද්ධ ව්‍යාපෘතියක් මේ වන විටත් ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතිය යටතේ දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක් (TPIC) ස්ථාපනය කිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී නවීන ගෝලීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට හැකියාව උදාවන අතර, ශ්‍රී ලාංකීය දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙස ද මේවා ඉදිරි අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

    නවෝත්පාදක දැව නිර්මාණ ප්‍රදර්ශනය සඳහා අවස්ථාව උදාකර දෙමින් සාමාන්‍ය ජනතාව වෙත මෙම නිර්මාණ සමීප කිරීමට මේ හරහා කටයුතු කෙරෙනු ඇත. විශ්වවිද්‍යාලයන් ද්විත්වයක් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් හරහා උත්පාදනය කරගත් දැනුම සහ තාක්ෂණයන් පවරාදීමේ මධ්‍යස්ථානයක් ලෙසද මෙය ක්‍රියාකරනු ඇත. ගෝලීය තත්වයන් කරා ‍ශ්‍රී ලංකා දැව කර්මාන්තය ඉහළ නැංවීමේ එක් පියවරක් ලෙස, මෙම යෝජිත ව්‍යාපෘතිය යටතේ ‍ශ්‍රී ලංකාවේ දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගයන් එක් කරනු පිණිස “මොරටු ලී” නමින් සන්නාමය දියත් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya