මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 360ක වියදමින් සංවර්ධනය කළ වැලිඔය කර්මාන්තපුරය විවෘත වෙයි

    මාර්තු 03, 2020

    රුපියල් මිලියන 360ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) විවෘත විය.

    මෙම කර්මාන්තපුරය මගින් ඉදිරියේ දී ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත දෙදහස් පන්සීයකට රැකියා ලබාදීමට නියමිතය. ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති New Universe Corporate Clothing පෞද්ගලික ආයතනය සහ Stylish Casual Ware ආයතනය මේ වන විට රුපියල් මිලියන 272.5ක ආයෝජන සිදු කරමින් 1,020කට රැකියා ලබාදීමට ඉදිරිපත්ව සිටියි .

    මෙම අවස්ථාවට New Universe Corporate Clothing පෞද්ගලික ආයතනයේ සභාපති අමීන්ද විමලසේන මහතා ඇතුළු ආයෝජකයන් පිරිස ද අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, කර්මාන්ත සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වින්දික පියරතන ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya