එය පහත පරිදි වේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක නීති විධිවිධාන අනුව යම් දුම්රියක් තුළ වෙන්කළ ආසනයක ගමන්කළ හැක්කේ ජාතික හැඳුනුම්පත් අංක හෝ විදේශ ගමන් බල පත්‍ර අංකය සඳහන් ව ඇති වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර දරන්නකුට පමණක් වේ.
දෙපාර්තමේන්තුවෙන්එබැවින් වෙන් කළ ආසනයකට අදාළ මිල දී ගත් ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන ආසන වෙන් කිරීම් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පිටවීමට පෙර ගමනේ යෙදෙන සියලු ම අයගේ ජාතික හැදුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය නිවැරදි ව සටහන් වී ඇති දැයි පරික්ෂා කිරීමට කටයුතු කළ යුතුය. එහිදි අවුරුදු 18ට අඩු හැදුනුම්පතක් නොමැති ළමුන් සඳහා දෙමාපියන්ගේ අනන්‍යතා පත්‍රය පිළිගනු ලැබේ.
2002.03.04 දින සිටි දුම්රිය ගමන අතරතුර ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරනු ලබන අතර එහිදී ප්‍රවේශ පත්‍රය දරන්නන්ගේ අනන්‍යතාවය සැසදීමක් සිදු කරන ලබන අතර එය සැසදීමේ දී නිරීක්ෂණය වන වෙනස්කම් නිසා දුම්රිය මඟින්ට සිදු වන අපහසුතාවයන් පිළිබඳව දුම්රිය දෙපාර්තමෙන්තුව වගකියනු නොලබන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මිල දී ගනු ලබන ආසන වෙන්කිරීමට අදාළ වන ප්‍ර වේශ පත්‍රය දුම්රිය ආඥා පණතේ විධිවිධාන අනුව අනුසතු නොහැකි බව ද ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව පවසයි.