මෙම කාලය තුළ රජයේ නිවාඩු දිනවල හැර කාර්යාල වේලාවන්හිදී ඇප මුදල් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැන්පත් කළ හැකි බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්න සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මැතිවරණ සමයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය, රාජ්‍ය නිලධාරීන් සඳහා වන ආචාර ධර්ම, මාධ්‍ය උපමාන, රජයේ තනතුරු සඳහා පත්කිරීම්, උසස්වීම්, මාරුකිරීම් ආදිය පිළිබඳව චක්‍රලේඛන ගණනාවක් ඉදිරි දිනවල මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිත බවද ඒ මහතා කීය.