බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සහ තවත් ධීවර සංගම් කිහිපයක සාමාජිකයන් සමඟ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කළ සාකච්ඡාවට අනුව මේ දිනවල ධීවර ප්‍රජාවට බලපා ඇති ගැටළුවලට විසදුම් ලබා දීම සදහා ධීවර අමාත්‍යවරයා එකග වී ඇත.
පසුගිය 26 වන දින අතිගරු ජනාධිපතිතුමා සමඟ බහුදින යාත්‍රාහිමියන්ගේ සංගමය හා ධීවර මත්ස්‍ය අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී මෙම ප්‍රශ්න ඉදිරිපත් කළ අතර මේ පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අවධානය යොමු වී තිබේ.
පසුගිය යහපාලන රජය සමයේ මාළු ගෙන්වීමට අවසර ලබා දී ඇති විදෙස් නැව් 35 නිසා මෙරට බහුදින යාත්‍රා හිමියන්ගේ මාළු මිල බරපතල ලෙස අඩු වී ඇති අතර එම නිසා ඔවුන්ගේ ධීවර යාත්‍රා මගින් අල්ලාගෙන එන මාළු සදහා සාධාරණ මිලක් නියම කළ නොහැකි බැවින් එම යාත්‍රා හිමියන් හා එම කර්මාන්තයේ යෙදෙන ධිවර පවුල් බරපතල ආර්ථික අර්බුදයකට ලක් වී සිටින බව ධීවර සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.
මේ පිළිබදව ගරු අමාත්‍යතුමාගේ දැඩි අවධානය යොමු විය. ඒ අනුව නැවු 35අයිති එම සමාගම් සමග සාකච්ඡා කර මේ පිළිබදව සතියක් ඇතුළත විසදුමක් ලබා දීමට අමාත්‍යවරයා බහුදින යාත්‍රා හිමියන්
සමඟ එකඟතාව පළ කර ඇති අතර මෙම නැව් වල බලපත්‍ර කාලය අහෝසි වීමෙන් පසු නැවත බලපත්‍ර නිකුත් කිරීම පිළිබදව සළකා බැලීමට ද අමාත්‍යවරයා අදහස් කරන බවද ප්‍රකාශ විය.
තවද බහුදින යාත්‍රා හිමියන්ට වී.එම්.එස්. තාක්ෂණය සහ ආර්.එස්.ඩබ්ලිව් තාක්ෂණය (මසුන් සිසිලන පද්ධතිය) හා ඔවුන්ගේ යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් හැකි කඩිනමින් ලබා දීමට තීරණය කරන ලදි. දැනට අවසර ලබා දී ඇති නැවු 35 ක්‍රමයෙන් අඩු කර දේශීය ධීවරයාගේ පහසුකම් වර්ධනය කරමින් දේශීය ධිවරයාගෙන් මසුන් අපනයනය කර රටට විදේශ විනිමය ලබා දීමට අවශ්‍ය සැලසුම් ඉතා කඩිනමින් සකස් කිරීමට ද තීරණය විය.