එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මුස්ටෆා සිලූර් රහීම් කාන් (Captain Mostafa Zillur
Rahim Khan)මහතා ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය.
එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම මස 05 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.