ඒ මහත්මිය මේ බව කියා සිටියේ මේ පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල, විශේෂයෙන් බටහිර හා දකුණු දිග වෙරළ තීරයන් හි පවතින අධික වියළි කාලගුණයත් සමඟ උෂ්ණත්වය වෙනදාටත් වඩා සෙල්සියස් අංශක තුන හතරකින් වැඩි වීමක් දක්නට ලැබේ. මෙම අධික උෂ්ණත්වය නිසා ඒ ප්‍රදේශ වල ජනතාවට විවිධ සෞඛ්‍ය ගැටළු පැන නැඟීමේ අවදානමක් පවතින බව ඉනෝකා සුරවීර මහත්මිය ප්‍රකාශ කර සිටී අතර පවතින අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට, වැඩිමහල් පුද්ගලයින්ට, එළිමහනේ රැකියාවල නියුතු වන අයට හා දිගුකාලීන රෝගාබාධ වලින් පෙළෙන අයට වඩාත්ම තදින් බලපෑ හැකි බව ද මෙහි දී අවධාරණය කළාය.
විශේෂයෙන්ම, ආතතිය (Heat Stress), මස්පිඬු පෙරළීම (Heat cramps), සිහි මුර්ජාව (Heat Stroke), හෘද රෝග හා පෙනහළු රෝග වැනි නිධන්ගත රෝග උත්සන්න වීමත් මෙම කාලය තුළ දී දක්නට හැකි බවත්, විශේෂයෙන් කුඩා ළමුන් මේ සම්බන්ධයෙන් ඉතාමත් සංවේදී කණ්ඩායමක් වන අතර ඔවුන් කෙරෙහි දැඩි සැළකිල්ලක් දෙමව්පියන් සහ ගුරුවරුන් යොමු කළ යුතු බව ද, ඒ මහත්මිය ප්‍රකාශ කර සිටි අතර පවතින තත්ත්වය හමුවේ හැකි තාක් වතුර නිතර නිතර පානය කිරීමට යොමු වන ලෙසත්, කුඩා දරුවන් ඒ සඳහා යොමු කරවන ලෙසත්, විනාඩි 15-20 ට වරක් වත් වතුර උගුරු 8-10 ත් අතර පමණ පිපාසය නැති වුවත් පානය කළ යුතු බවත් මෙහි දී ඒ මහත්මිය කියා සිටියාය.
එමෙන්ම, ජලය වෙනුවට ආදේශයක් ලෙස සීනි අධික බිම කිසිසේත්ම භාවිතා නොකළ යුතු වන අතර, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන් බිමන් යන විට දී කුඩයක් භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස එළිමහනේ ගැවසීමෙන් වැලකි සිටීම, ලා පැහැති ඇඳුම් භාවිතා කිරීම, අධික රස්නය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ආලේපනය කිරීම, උෂ්ණත්වය වැඩි කාල පරාසයන් වන පෙ.ව.11.00 ත් ප.ව 3.30 ත් අතර එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම සහ කය වෙහෙස වී කරන ක්‍රීඩා නොකිරීම, පාසැල තුළ බිමට පිරිසිදු ජලය ඇති පමණ සැපයීමට කටයුතු කිරීම, කඩදාසි වලින් සැදු අවාන් රැගෙන ඒමට උපදෙස් ලබා දීම, විශේෂයෙන් ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කර ගැනීමට පන්ති මට්ටමින් ජල බඳුන් තැබීම, රෝගී තත්ත්ව සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවිමට දෙමාපියන් දැනුවත් කිරීම ද වැනි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පාසල් දරුවන් සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් වේ.
කෙසේ වුව ද පවතින තත්ත්වය හමුවේ අවදානම තත්ත්වය සැළකිල්ලට නොගැනීම තමන්ගේ මරණයට අතවැනීමක් බවත්, අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ රටවල සැළකිය යුතු පිරිසක් මියයන බවත්, එසේහෙයින් පවතින තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවත් ප්‍රකාශ කර සිටී විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවට ඇති නොවීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමි ජයවර්ධන, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.