එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම් වලින් වැලකි සිටින ලෙසත් කුඩා ළමුන් ඉර එළියට නිරාවරණය වන ක්‍රීඩා ආදියෙන් වැලකි සිටින ලෙසත් කියා සිටි ශිරෝමි ජයවර්ධන මහත්මිය විසින් කියා තවදුරටත් කියා සිටියේ මේ තත්ත්වය හේතුවෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් නිරන්තරයෙන් ජලය පානය කිරීමත් අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම, නිදන්ගත රෝගවලින් පෙළෙන අයවලුන්, කුඩා දරුවන් අව්වට නිරාවරණය වීමෙන් අවදානමකට තුඩු දිය හැකිය. නිරන්තරයෙන් ජල බෝතල් ඔවුන් අසල තබා ගන්නා ලෙසත් මෙහි දී මහජනතාවට උපදෙස් දෙනු ලැබීය.
වාහන වලින් පිටවන තාපය, A/C භාවිතය නිසා සිදු වන අහිතකර වායු වායුගෝලයට මුදාහැරිම, නිරන්තරයෙන් සිදු වන කුණු පිළිස්සීම, නාගරික ප්‍රදේශ වල නිවෙස්/ආයතන සඳහා කොන්ක්‍රීට් භාවිතය අධික වීම නිසා සුර්යයාගේ කෙටි තරංග අවශෝෂණය කර අධෝරක්ත කිරණ ලෙස පිට කිරීම හේතුවෙන් අධික රස්නයක් පැවතීම හේතුවෙන් එකී නාගරික ප්‍රදේශ නාගරික තාප දුපතක් බවට පත් වීම සිදු වේ. ඒ නිසා නාගරික ප්‍රදේශවල වැඩි රස්නයක් දක්නට ලැබෙන බවත් මෙහි දී ඒ මහත්මිය කියා සිටියාය. එමෙන්ම, මිට පෙර පැවති වායුගෝලීය තත්ත්ව දර්ශකයට අනුව පැවති වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ තත්ත්වය ද මෙතෙක් සමනය වී නොමැති බවත් ඒ හේතුව ද මහජනතාවට අහිතකර ලෙස බලපෑ හැකි බවත් මෙහි දී සඳහන් විය.
මෙම කාලය තුළ දිවයිනේ අතරින් පතර සිදු වන ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බවත්, මේ වන විට දිවයිනේ බටහිර ප්‍රදේශ වලට බලපා ඇති මෙම අහිතකර තත්ත්වය ඉදිරියේ දී දිවයිනටම බලපැවැත්විය හැකි බවත්, කෙසේ වුව ද ගෝලීය උණුසුම සමඟ මෙරට අවට මුහුදු ප්‍රදේශ වල පවතින මතුපිට උෂ්ණත්වයත් මෙම පවත්නා තත්ත්වයට හේතුකාරක වී ඇති බවත්, , මෙම කාලය තුළ සුර්යයා ලංකාවට ආසන්නව ගමන් කිරීම සහ නිශ්චිත සුළං රටාවක් නොපැවතීමත් හේතුකොටගෙන මෙකී තත්ත්වය මැයි අගවන තුරුත් පැවතිය හැකි බවත් ඒ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.