මෙයින් එක් කමිටුවක් මුද්‍රිත මාධ්‍ය සඳහා ද, අනික් කමිටුව විද්‍යුත් මාධ්‍ය සඳහා ද පත් කරන බව මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවති විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවේ දී ඒ මහතා කීය.
මෙම කමිටු වලට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල නියෝජිතයින්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂකවරයා, විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියෙක් ද පත් කෙරෙනු ඇත.
මෙම කමිටුව මැතිවරණ කොමිෂන් සභාවේ විධාන සහ උපදෙස් වලට අනුව කටයුතු කළ යුතු අතර, එකී කමිටු වල නිර්දේශ සළකා බලා අවශ්‍ය තීරණ කොමිෂන් සභාව විසින්ම ගනු ලබන බව ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණය පිලිබඳ ව ජනමාධ්‍ය මඟින් පල කරනු ලබන වැරදි තොරතුරු පිලිබඳ ව සහ මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි පිලිබඳ ව ද සොයා බලන අතර මාධ්‍ය උපමාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම කමිටු නිරීක්ෂණය කොට නිර්දේශ ලබා දෙනු ඇතැයි ද සභාපතිවරයා කීය.