තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය නිලධාරීන් 2019 ඡන්ද ලේඛනය අනුව තම අයදුම්පත් සකස් කොට ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චන්න පී. සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.
තැපැල් ඡන්චද පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලත් නිලධාරින්ගේ අයදුම්පත් හය ලක්ෂයක් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කීය.
මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් නිසි ලෙස පිරවීමට සහාය දීම සඳහා කොමිෂන් සභාව විසින් බත්තරමුල්ල සෙත්සිරිපාය, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය, මාළිගාවත්තේ ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය, තැපැල් මූලස්ථානය හා බත්තරමුල්ල ඉසුරුපායේ උපකාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවනු ලබන අතර එම ස්ථානවලට මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩල යොදවන බවද චන්න පී. සිල්වා මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය මෙවර කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (04) විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී පැවසීය.