අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය සහ අනෙකුත් තාක්ෂණ ආයතන එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නව නිපැයුම් සහ ප්‍රදර්ශන භාණ්ඩ, විශ්ව විද්‍යාල යටතේ සිදුකරනු ලැබූ පර්යේෂණ ප්‍රතිඵල නැනෝ තාක්ෂණය,ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය ,ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වල නවෝත්පාදන 1200ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්‍රීඩා උත්සව, අධ්‍යාපන චාරිකා ඇතුළු පාසල් සිසුන්ගේ සියළු භාහිර ක්‍රියාකාරකම් පළමු පාසල් වාරය තුළ අවසන් කළ යුතු බැවින් මෙම ප්‍රදර්ශනය මාර්තු මාසයේදී පැවැත් වීමට සැළසුම් කළ බවත් ප්‍රදර්ශනය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් සඳහන් කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන්ට නව දැනුම් සම්භාරයක් ලබා දීම මිස පටු දේශපාලන අරමුණු කිසිවක් නොමැති බවත් තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙ දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ජාතික ප්‍රදර්ශනයක් බවත් අවධාරණය කළේය.
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ ජාතික පාසල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය , ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය , ජාතික ව්‍යාපාර කළමණාකරන පාසල හෙවත් NSBM හරිත විශ්ව විද්‍යාලය සහ මිනුම් ඒකක පුමිති සේවා දෙපාර්තමේන්තු භූමිය ඇතුළු අක්කර 300ක භූමි ප්‍රමාණය තුළ ප්‍රදර්ශනය පැවැත්වේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකරන මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රදර්ශනය පැවැත්වීමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන සම්පුර්ණ ආදායම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැරකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රදර්ශනය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු පාසල් 400ක පමණ සිසුන් සහභාගී වීමට නියමිත අතර දුරබැහැර සිට පැමිණෙන සිසුන්ගේ නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කරයි.
පුරා දින 04ක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය අවසානයේ හෝමාගම පිටිපන හරිත සරසවිය ඉදිරිපිට ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණය පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ට පවරාදීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. ප්‍රදර්ශනය රාත්‍රී 10 දක්වා පැවැත්වෙන අතර විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් සහ සංස්කෘතික අංග රැසකින්ද මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.