ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නවීකරණය කරන ලද අම්පාර, සෙනරත් සෝමරත්න ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (04) අම්පාරේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
ක්‍රීඩාව රටේ සංවර්ධනයේත් නිරෝගිභාවයේත් දර්ශකයක් වන බව අවධාරණය කළ අමාත්‍යවරයා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් විනයගරුක, ක්‍රිඩාශීලී නිරෝගී දරුවන් රටට දායාද කිරීම වෙනුවෙන්, ක්‍රීඩා ආර්ථිකයක් රටට හඳුන්වාදීම සම්බන්ධව සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කිරීම මෙහි දී අතිශයින් අගය කළේය.
මෙරට පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දියවැඩියාව වැනි රෝගවලට පවා ගොදුරු වී ඇති බැවින්, ශාරීරිකව හා මානසික ව නිරෝගී සිසු පරපුරක් බිහිකිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන බව ද විශේෂයෙන් පාසල්වල පළමු වාරය තුළ නිවාසාන්තර ක්‍රීඩා, බිග්මැච්, අධ්‍යයන චාරිකා වැනි විෂය බාහිර කටයුතු රැසක් ක්‍රියාත්මක වන්නේ ද දරුවන් තුළ නිරෝගී සහ ක්‍රියාශීලී ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, විවිධ හේතු සඳහන් කරමින් දෙමව්පියන් විසින් දරුවන් ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාවලින් ඈත්කරන්නට තැත්කිරීම නොකළයුත්තක් බව ද අවධාරණය කළේය.
පින්ලන්තය වැනි රටවල් අධ්‍යාපනය අතින් ඉහළ තැනකට පත්ව ඇත්තේ කට පාඩම් කර ලියන විභාග සංස්කෘතියක් වෙනුවට ක්‍රියාකාරකම් තුළින් දරුවන් මැන බලන පරිසරයක් ඒ රටවල ගොඩනගා ඇති නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වනජීවී හා වන සම්පත් අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර ශ්‍රියානි විජේවික්‍රම, අම්පාර, නගරාධිපති චමින්ද සුගත් මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ද ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.