මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    උණුසුම් දර්ශකය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මාර්තු 05, 2020

    වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලත් මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) කෙරෙහි වැඩි අවධානය  යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම් දෙන ලදී.

    අධික සූර්යාලෝකයට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ එළිමහන් පරිසරයේ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් ශරීරයට අධික තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි අතර වැඩි වශයෙන් එළිමහන් කටයුතුවල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ද ඇති විය හැක. එසේම පවතින අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය මෙන්ම ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ආඝාත තත්ත්වයන් ද ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එහි වැඩි දුරටත් සඳහන් වේ.


    අධික උණුසුම් කාලගුණයත් සමගින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස එහි වැඩි දුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya