බැතිමතුන්ගේ පහසුව උදෙසා සාමාන්‍ය දුම්රිය සේවාවන්ට අමතරව මොරටුව සහ කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය 04ක් ද ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ඒ මහතා වැඩි දුරටත් දක්වන ලදී. ඒ අනුව 2020.03.07 දින පස්වරු 02.10 ට මොරටුව සිට පාලාවි දක්වාද 2020.03.07 සහ 2020.03.09 යන දෙදින තුළ පෙරවරු 09.35, පස්වරු 01.10, පස්වරු 03.40 වශයෙන් ගමන් වාර තුනක් කොළඹ කොටුව සිට පාලාවි දක්වාද ක්‍රියාත්මක වේ.
2020.03.07 දින පස්වරු 04.00 ට පාලාවි සිට මොරටුව දක්වාද 2020.03.07 සහ 2020.03.09 යන දෙදින තුළ පස්වරු 02.55, පස්වරු 06.07 වශයෙන් ගමන් වාර දෙකක් පාලාවි සිට කොළඹ කොටුව දක්වාද ක්‍රියාත්මක වේ.
මෙයට සමගාමීව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව ඒකාබද්ධ සේවාවක් ද ක්‍රියාත්මක වන අතර එහිදී පාලාවි දුම්රිය ස්ථානයට පැමිණෙන බැතිමතුන් දේවස්ථානය කරා ගමන් කරන තෙක් ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම, දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා ආපනශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.