කළමැටිය ධීවර වරාය ඉදිකිරීම හේතුවෙන් මාදැල් ධීවර කාර්මිකයන් 28 සෙනෙකුගේ කර්මාන්තයට හානි සිදු වු අතර ඉන් 21 දෙනෙක් සදහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබා දීම පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සුරතින් තංගල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සිදුවිය. එහෙත් මෙම මාදැල් වරායේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වු ධිවරයන් 07දෙනෙකු අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමු වී තම ගැටළුව ඉදිරිපත් කරන ලදි.
මෙහිදී මෙම ධීවරයින් අමාත්‍යවරයාට පෙන්වා දෙන්නේ මෙම වරාය ආශ්‍රිතව මාදැල් තොටුපල 28ක් තිබූ බවත් පසුගිය සුනාමි ව්‍යයසනය හේතුවෙන් ධීවරයන් 07දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තිබූ ලියකියවිලි අස්ථානගත වීම හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත්ය. අවස්ථා කිහිපයකදී මේ පිළිබදව ධිවර දෙපාර්තමේන්තුව දැනුවත් කළද ඒ සදහා සාධාරණ විසදුමක් ලබා ගැනීමට නොහැකි වීමෙන් සිය පවුල් වල ජන ජීවිතය අඩාල වී ඇති හෙයින් ඒ කෙරෙහි ඔබතුමන්ගේ අවධානය යොමු කර සිය පවුල්වලට ද මෙම වන්දි මුදල් ලබා දෙන ලෙසයි.
ධීවරයන්ගේ ගැටළු වලට සවන් දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලය පුරාම සිදු කල සමීක්ෂණයන් තුලින තමා වෙත ලබා දුන් තොරතුරු අනුව ධීවර කාර්මිකයන් 21 දෙනාගේ වන්දි මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඇතිව ක්‍රියාකල බවත් ඉතිරි පිරිසටද අවශ්‍ය වන්දි මුදල් ලබා දීම සදහා තොරතුරු පරීක්ෂා කර කඩිනමින් අසාධාරණයට ලක් වු සියළු ධීවරයන් හට සාධාරණයක් ඉටු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාව සදහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.