ඒ අනුව එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා විසින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබේ.
ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන් ,ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධාවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යාවශ්‍ය අහාර මල්ලක් ලබා දෙන අතර , යෝජිත වැඩසටහන යටතේ තේ කොළ,නාඩු සහල් , පිටි පරිප්පු , කරවල හාල්මැස්සන් ආදී අහාර වර්ගයන් ඇතුළත්ව දැනට වෙළඳපොළ වටිනාකම රුපියල් 1007 ක් පමණ වන ආහාර ද්‍රව්‍ය තෝරාගනු ලබන ප්‍රතිලාභීන් සඳහා රුපියල් 500ක මුදලකට ලබා දෙයි.
ලංකා සතොස සහ සමූපකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍ර දේශ වල තෝරාගත් බලයලත් වෙළඳසල් සම්බන්ධකරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව 2020.03.04 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.