උපාධිධාරීන්ට මෙම පත්වීම් ලිපි යවා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර බවත්, උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීම ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් බවත්, එබැවින් මෙයින් මැතිවරණයට බලපෑමක් සිදු නොවන බවත් ඇමතිවරයා පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මෙම පත්වීම් ලබා දී ඇත්තේ දේශපාලන පක්ෂ භේද වලින් තොර ව බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ පිළිබඳව සාධාරණ පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීය.