ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් වාර්ෂිකව ගෘහස්ථ පානීය ජල සබඳතා 110,000 ක් ලබා දෙන අතර මේ වන විට මෙරට ජනගහනයෙන් 41% ක් ආවරණය කරමින් මිලියන 2.4 ක ජල සබඳතා ලබා දීමට සමත් වී ඇත.
දැනට පවතින නල පද්ධතිය මගින් ආවරණය කර නොමැති මාර්ග ආවරණය වන පරිදි ජල නල දීර්ඝ කිරීම, නව ජල සබඳතා ලබා ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන්ට රු. 20,000 ක පමණ මූලික ගෙවීමක් කිරීමට සිදු වීම සහ මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා ගාස්තුගෙවීමට සිදු වීම වැනි හේතූන් මත පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෘහස්ථ පානීය ජල සබඳතා ලබා දීම අපහසු වී ඇත.
ඒ අනුව මෙම අවහිරතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් 2020 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළදී නව ගෘහස්ථ ජල සබඳතා ලබා දීම සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.