ඒ මහතා මේ බව කියා සිටියේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ රාජකාරි කටයුතු කළ නිළධාරීන්ට ගෙවීම් කටයුතු කිරීම සඳහා කෝටි 02 ක පමණ මුදලක් අවශ්‍යව ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇති විටෙක, ඉදිරි මහමැතිවරණය සඳහා ද මුදල් සපයා ගැනීම රජයට අභියෝගයක් වනු ඇති ද යන්න මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව මාස 06ක් යන තුරු අවශ්‍ය වියදම් අනුමත කර ගැනීම මෙන්ම වියදම් දැරීම සඳහා ද ඒකාබද්ධ අරමුදලෙන් කිසිඳු අවහිරයකින් තොරව මුදල් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අදාළ රාජකාරිමය කටයුතු ජනාධිපති ලේකම්වරයා විසින් සිදු කරනු ඇතැයි ද කියා සිටියේය.