ඒ අනුව, දෙරටේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එම වැඩසටහන් ඉවහල් වූ අතර, එය බංගලාදේශ නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින්ගේ ප්‍රශංසාවට ද ලක් විය.
එසේම, සාර්ථක තෙදින නිල සංචාරය නිමා කරමින් මාර්තු 05 දිවයිනෙන් පිටත් වූ බංගලාදේශ නෞකාව වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කෙරිණි.