ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අමතරව නව ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දී තිබේ.
දිවයින පුරා නිදහස් වෙළද කලාප 15 ක් පිහිටා ඇති අතර ඉන් 05 ක්ම පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළයි. කටුනායක, බියගම, මීරිගම, අත්තනගල්ල මල්වත්ත හා වතුපිටිවල මෙම නිදහස් වෙළද කලාප පිහිටා තිබේ.
කටුනායක, බියගම හා මාවතගම ආයෝජන ප්‍රවර්ධන කලාප වල දැනටමත් එම සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මේ වසරේ දී වතුපිටිවල, කොග්ගල හා පල්ලෙකැලේ කලාප වල නව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.
මීට අමතරව ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරි කාර්යාලය හෝ පවුල් සෞඛ්‍ය සංවිධාන මගින් පාලනය කරනු ලබන වෛද්‍ය මධ්‍යස්ථාන ද මෙම කලාප වල පවත්වාගෙන යනු ලබයි. දැනටමත් කටුනායක, බියගම, කොග්ගල, සීතාවක හා වතුපිටිවල මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. නිදහස් වෙළද කලාප පිහිටා ඇති ප්‍ර දේශ ආශ්‍රිත මහජන සෞඛ්‍ය කාර්යාල දියුණු කිරිම සදහා ද ආයෝජන මණ්ඩල සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
නිදහස් වෙළද කලාප වල ව්‍යවසායකයන්ගේ හා සේවකයන්ගේ ආරක්ෂාව සදහා ජපානයෙන් නව ගිනි නිවන රථ 08 ක් ආනයන කිරීමට ද ආයෝජන මණ්ඩලය කටයුතු යොදා ඇත. නව ගිනි නිවන රථ ලැබීමෙන් පසු කොග්ගල හා පල්ලේකැලේ ආයෝජන කලාප වල නව ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීමට නියමිතයි.
නිදහස් වෙළද කලපෙ වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු විධිමත් ව සිදු වන්නේදැ‘යි සොයා බැලීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබද ව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දුන්නේය.