එහිදී අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශනයාපා මහතා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
ඒ අනුව මෙම වැඩසටහන හරහා ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමට සැලසුම් කර ඇති අතර එහිදී තේ කොළ, නාඩු සහල්, පිටි, පරිප්පු සහ කරවල/හාල්මැස්සන්/ දේශීය වශයෙන් නිෂ්පාදිත සැමන් යන ආහාර වර්ග ඇතුළත්ව වෙළදපොළ වටිනාකම රු. 1000.00 පමණ වන ආහාර ද්‍රව්‍ය රු. 500.00 ක මුදලට ලබා දීමට තීරණය කර ඇත.
මෙම වැඩසටහන ලංකා සතොස, සමූපකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2020 ජනවාරි 14 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.