වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා, නිරන්තරයේ මාධ්‍ය මඟින් මෙම බලාගාරය බිඳ වැටීම් වන බව පැවසුව ද විදුලි පද්ධතිය 40% වැඩි දායකත්වයක් නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරය මඟින් ලබාදෙන බව පැවසීය. විශේෂයෙන් දවසේ කාර්යබහුල කාලය ( peak ours ) තුළ දී විදුලිය ලබා දෙන්නේ නොරොච්චෝලේ බලාගාරය මඟිනි.
එමෙන් ම මෙම බලාගාරය මඟින් විදුලි නිෂ්පාදන ධාරිතාවය 900MWවේ. මෙම බලාගාරය අක්කර 272ක් වු භූමි භාගයක පිහිටා තිබේ. ලංකාවේ පළමු තාප විදුලි බලාගාරය වන මෙයට ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් යටතේ සිදුවන බව කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසයි.
මෙම බලාගාරය පැය 24 පුරාම ක්‍රියාත්මක බව අතර ජල විදුලි බලාගාර මෙන්ම නොව හදිසි බිඳවැටිම්වල ද පිළිසකර කිරීමට නම් යන්ත්‍ර කොටස් ස්වභාවිකව සිසිල්වීමට ඉඩදීමට සිදුවේ.මෙයට දින 15 ක් පමණ කාලයක් ගත වන අතර ඒ හේතුවෙන් මෙම බිඳ වැටිම් සිදු වන බවත්,ඒ සඳහා විකල්ප බලාගාරවල අවශ්‍යතාවයක් පවතින බවත් මෙහිදි වැඩිදුරටත් ඉන්ද්‍රසිරි ගාල්ලේ මහතා පෙන්වා දුන්නේය.
එසේම විවිධ කාලවලදි යෝජනා වු වදුලි බලාගාර මේ වන විට ඉදිකර තිබුණේ නම් මෙම මෙම විදුලි අවශ්‍යතව සමබර වන බව පැවසු ගාල්ගේ මහතා, සමාජයේ මේ පිළිබඳව පවතින විවිධ මතයන්ද බැහැර කළේය. විශෙෂයෙන් මෙම විදුලි බලාගාරය අඩපණ කර විදුලිය මිල දී ගැනීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනාව ඒ මහතා ප්‍රතික්ෂේප කළේ ය
මේ වනවිට මෙහි සේවය නියුතු සියලු ඉන්ජිනේරුවරුන් ලාංකිකයන් වන අතර 800ක අධික සේවක මණ්ඩලයක් හා අනුබද්ධ ආයතන 25ක් පමණ සේවය නියුතුව ඇතැයි පැවසිය.
නොරොච්චෝලේ බලාගාරය යේ ටර්බර්න 3ක් හා බොයිලේරු 03 ක්‍රියාත්මක වේ. මෙම බොයිලේරු මඟින් ගල් අගුරු වායු මිශ්‍රණය එසැනින් දහනය වන අතර මෙම දහනය බොයිලේරු බට මඟින් අධිතාපිත හුමාලය බවට පැයකට ටොන් 1025 ක සිඝ්‍රතාවයයෙන් පෙරලේ.මෙම ප්‍රමාණය වායුගෝලයේ 173ක් පිඩනයෙන් හා 541c උෂ්ණවයකින් සමන්විත වේ.එක් බොයිලේරුවක් සඳහා පැයකට ගල් අගුරු ටොන් 114ක් අවශ්‍ය වේ.
කෙසේ වුවද මෙම බලාගාරය අවට ගස් 35.000ක් පමණ රෝපණයක ඇති බව එම පරිශ්‍රය භාර පාරිසරික ඉංජිනේරු චින්තක දිසානායක පවසයි.එසේම විවිධ පාරිසරික වැඩසටහන් හා සමාජිය වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද චින්තක මහතා වැඩිදුරටත් කීය.