“ඇය දිරිමත් - රට සවිමත්” යන්න තේමා කර ගනිමින් කාන්තාවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැත්වේ.
එම උත්සවයට සමගාමීව 07 සහ 08 යන දෙදින දිනයන් හී රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල (ලොරි රථ ගාල) ව්‍යවසායික කාන්තාවන්ගේ නිෂ්පාදන කුටි 75 කට අධික අලෙවි වෙළෙදපොලක් සහ ප්‍රදර්ශණයක් පැවැත්වෙයි
ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේ දී හොදම කාන්තා බල මණ්ඩලය තේරීම, හොදම ව්‍යවසායික කාන්තාව තේරීමේ තරගයේ සහතික පත් පිරිනැමීම, හොදම සුහුරුලිය තේරීමේ සමස්ත ලංකා තරගයේ ජයග්‍රාහිකාවන් සදහා සහතික පත් ප්‍රදානය, යුනිලීවර් ආයතනයෙන් සකසන කාන්තාවන් සදහා විද්‍යුත් ජාලගත ඉගෙනුම් පාඨමාලා සදහා වන පරිගණක මෘදුකාංගය (online Education Platform) එළි දැක්වීම ද සිදු කිරිමට ද නියමිතය.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මීට ඉහත දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රත්නපුර, මොණරාගල, කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි “පොදුජන සරණී” නමින් ජංගම සත්කාරක වැඩසටහනක් ද පැවැත් වූ අතර එහිදී කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ කාන්තාවන් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 17 ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පෙබරවාරි මස සිට “සුන්දර ගමනක්” උද්දේශන ව්‍යාපාරය ක්‍රියාවට නංවමින් ඇඹිලිපිටිය බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්, මහජනතාව දැනුවත් කිරීමට බස් රථවල දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළක් ද, ගෘහස්ථ හිංසනයට ලක්වන පවුල් සදහා උපදේශණ පහසුකම් අවශ්‍යතා හදුනා ගැනීමත්, අවධානම් පවුල් සදහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සිදු කරන ලදි.