නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව 2020 මාර්තු 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතව ඇති අතර, එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන්, ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.
තවද, දෙරටේ නාවික හමුදා සාමාජිකයින් හට තම තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් වෘත්තීය සබඳතා වර්ධනය කර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවන වනු ඇත.