අයදුම්පත් භාර ගැනීම 2020 මැයි මස 28 වෙනි දින දක්වා සිදුකෙරේ. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමඟ චිත්‍ර නිර්මාණයක් නම් එම නිර්මාණයේ පැහැදිලි ඡායාරූප 02ක්, මූර්ති සහ ස්ථාපන නිර්මාණ නම් ඉදිරිපසින්, පිටුපසින් සහ දෙපසින් ගත් ඡායාරූප 04ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ඔබගේ ඡායාරූපයක් ද සමඟ (ඡායාරූප 300dpi resolution විය යුතුය) ඇතුළත් කරන ලද සංයුක්ත තැටිය අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදිය හැකිය. (ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2020” ලෙස සඳහන් විය යුතුය.)
ඔබ විසින් එවනු ලබන නිර්මාණ (සංයුක්ත තැටිවල ඇති) ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මල්ටිමීඩියා සම්ප්‍රේක්ෂණ යන්ත්‍ර මගින් මූලික විනිශ්චය සිදු කරනු ඇත. තෝරාගනු ලැබු නිර්මාණ වල මුල් කෘතිය අප
විසින් දැනුම් දෙනු ලබන දිනයක් තුළ අදාළ ස්ථානය වෙත ප්‍රදර්ශනයට සුදුසු මට්ටමින් ගෙනවිත් භාරදිය යුතු වේ. තෝරාගනු ලබන සියලුම නිර්මාණ නැවත සමික්ෂණයකින් පසු ප්‍රදර්ශනයට සුදුසු නිර්මාණ පමණක් 2020 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන අතර, එම නිර්මාණ සඳහා සහතික පත්‍රයක් සහ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික සහ මුදල් ත්‍යාග ප්‍රදානය සිදු කෙරේ. චිත්‍ර, මුර්ති, ස්ථාපන කලා, රේඛා චිත්‍ර හා මුද්‍රණ විධි යන අංශ යටතේ තරග පවත්වන අතර මෙය වයස අවුරුදු 18 ට වැඩි විවෘත තරගයක් වේ. තරගය සඳහා ඉදිරිපත් කළ හැක්කේ 2019 සහ 2020 වර්ෂයේ නිර්මාණ පමණි.
මේ පිළිබද වැඩි විස්තර 0112882551 / 0112872031 යන දුරකථන අංකයන්ගෙන් හෝ දිවයිනේ සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරින් මගින් සහ Department of Cultural Affairs face book එකට පිවිසීමෙන් ලබාගත හැක.