රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති කර්මාන්ත සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා මෙරට සිදු කොරෙන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිළට හා උසස් තත්වයෙන් යුතුව ගෙන එනු ලබන්නේ චීනයෙන් බවත්, ඒවා ගෙන පවතින තත්වය යටතේ එම අමුද්‍රව්‍ය ගෙන ඒමට බාධා වී නිසි අයුරින් පවත්වාගෙන යාමට නොහැකිව තිබෙන කර්මාන්ත සම්බන්ධයෙන් ඉදිරියේ දී වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
මෙරට කර්මාන්ත පෞද්ගලික අංශයේ ඒවා වුවද එය සුමටව පවත්වා ගැනීමට නොහැකි වුවහොත් එය රටේ ආර්ථිකයට බලපාන අතර එමෙන්ම එම කර්මාන්ත වසා දැමීමට සිදුවුවහොත් ඒවායේ රැකියා කරන පිරිසට රැකියාවන් අහිමි වන බැවින් මෙම කර්මාන්තවලට හානි වීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒවා සුමට ලෙස පවත්වා ගෙන යාම රජයේ වගකීමක් බවත් පැවසීය.