මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2020 මාර්තු මස 16 දිනෙන් අවසන්

    මාර්තු 10, 2020

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2020 මාර්තු මස 16 දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කිසිදු හේතුවක් නිසා දීර්ඝ නොකරන බව ද තැපැල් ඡන්දය දීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති ඡන්ද හිමියන් වහාම තම අයදුම්පත නියමිත පරිදි සම්පූර්ණ කර අදාළ සහතික කිරිමේ නිලධාරී වෙත භාර දිය යුතු බවත් එම අයදුම්පත් සහතික කොට ආදාළ මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරී වෙත 2020 මාර්තු 16 හෝ එදිනට පෙර යැවීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මාර්තු 16 දිනෙන් පසුව ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් එම අයදුම්පත් ප්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප්‍රතික්ෂේම කිරීමට සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya