අද වන විට ලෝකයේ රටවල් එකසිය පහලොවකට (115) අධික සංඛ්‍යාවක කොරෝනා වෛරසය පැතිර ඇති අතර, ඉන් ආසාධිතයින් සංඛ්‍යාව ලක්ෂයද ඉක්මවා තිබේ. වෛරසය වැළඳුනු පුද්ගලයින් හාර දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට මිය ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා බලපෑම සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ලොව පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කොට තිබේ.
ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත් වන මැදපෙරදිග ඇතුළු ආසියා හා යුරෝපීය රටවල් කොරෝනා වෛරසයේ බලපෑමට ලක් වී ඇත. ඒ අනුව මේ වන විට කටාර් හා කුවේට් රාජ්‍යයන් තම රටට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, සෙසු රටවල්ද ඉදිරියේදී මෙම පියවර ගැනීමට ඉඩ තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයද (ALFEA) ශ්‍රි ලාංකිකයින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම මූලික අරමුණ කොට ගෙන අදාළ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි යෝජනා කොට සිටී. මෙයට අමතරව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, කොරෝනා
වෛරසය පැතිර ඇති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සේවය කරන රටවල තානාපති කාර්යාලයන්හි කම්කරු අංශයන් වෙත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් සියළු උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල විශේෂ දුරකථන අංකයන්ද හඳුන්වා දී තිබේ. මීට අමතරව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.
එසේම දැනට විදේශගතව සේවය කරන ශ්‍රි ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් සම්බන්ධව ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල අදාළ බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එසේම ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.