මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය මගින් දක්වා ඇත්තේ බහුකාර්ය සංවර්ධන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.
පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබුණද තවමත් නාම යෝජනා කැඳවා නැති බැවින් මෙම සංවර්ධන බලකායේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවසර දෙන ලෙස එම බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම මෙම බලකාය මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට පවත්වාගෙන යන්නක් බවත්, එම නිසා ඉදිරියට කරගෙන යාමට අවසර දෙන ලෙසත් මල්ලවාරච්චි මහතා ඉල්ලා ඇත.