පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු යැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද ලිපි නොලැබූ අය ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇති කරගතයුතු නැති බවද අදාළ නිවේදනයෙන් දන්වා සිටී. ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසද එම නිවේදනයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සළකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද පවතින තත්වය යටතේ එය බලාත්මක නොවන බව මෙම නිවේදනයේ සඳහන් වේ.
මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභ හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දෙනු ඇත.