ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් විසින් කොරෝනා වෛරසය ජනතාවට පැතිරී යාම පාලනය කිරීම සඳහා කටයුතු කරන්නේ රටක් වශයෙන් අපෙගේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බව සඳහන් කළ ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂයෙන්ම විදේශ රටවල සිට මෙරටට පැමිණෙන්නන්ද ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
කොරෝනා වෛරසයට මුහුණ දී ඇති දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් දින 14ක් නිරෝධායනය කිරීමේ කටයුතු අද ආරම්භ කළ අතර ඒ අනුව දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මගීන් පිරිස මඩකලපුව පූනානී සහ කන්දකාඩු තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකට ගෙනයන ලැබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගීන් 24 දෙනෙකු සහ අනෙකුත් මගීන් බස්රථ මගින් ගෙනයන ලදී
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධහමුදාපතිවරයා පැවසුවේ දවස් දෙකක් වැනි ඉතා කෙටි කාළයකින් මේ නිරෝධාන මධ්‍යස්ථාන පිහිට වූ බවත් අඩුපාඩු කම් තිබුණ ද හැකි හැකි උපරිම පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද යුද්ධ හමුදාපතිවරයා පැවසීය.