ඒ මහත්මිය මේ බව කියා සිටියේ අද (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
මෙරට ජිවත් වන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරන බවත්, පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසයට ගොදුරුව කොළඹ උණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එම පුද්ගලයා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර දැනටමත් ලබා දෙමින් සිටින බවත් කියා සිටි අමාත්‍යවරිය, කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී පවතින ඉතාලිය, චීනය, දකුණු කොරියාව වැනි රටවල සිට පැමිණෙන සියලු දෙනා දින 14 ක අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බවත් මෙහි දී කියා සිටියාය.
එමෙන්ම, එකී නිරෝධායන කටයුතු සඳහා මෙරටට පැමිණෙන සහ මෙරට ජිවත් වන සියලුම ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් වෛරසය පැතිරීම සඳහා ගත යුතු අවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටි අතර වඩා වැදගත් වන්නේ මෙරට ජිවත් වන ජනතාවට මෙම වෛරස වැළඳීමේ ඉඩකඩ අවම කිරීම බවත්, එය පැතිරීම වැළක්වීම බවත් කියා සිටී අමාත්‍යවරිය ඒ සඳහා මෙරටට පැමිණෙන එකී විදෙස් ගත ශ්‍රමිකයින් සියලු දෙනා කිසිඳු බලපෑමකට හෝ විරෝධයකට යටත් නොවන බවත් පැවසූ අතර මෙසේ අනිවාර්යය නිරෝධයනයකට ලක් කරන බව ද මෙහි දී අවධාරණය කර සිටියාය.