ඒ අනුව, කැස්ස සහ කිවිසුම් මෙන්ම සිපගැනීම් වල දී ඉන් ඇතිවන බිඳීති මඟින් මෙම වෛරසය අනිත් පුද්ගලයින්ට වැළඳෙන අතර එකී බිඳිති යම් පෘෂ්ඨයක් මතට වැටුණු පසු එය ස්පර්ශ කිරීමෙන් පසු මුඛ්‍ය ඇස නාසය ස්පර්ශ කිරීමෙන් ද වෛරසය පැතිරේ. ඒ නිසා වැඩිපුර ජනයා ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැළකීම වඩා ආරක්‍ෂිත වන බව ඒ මහතා කියා සිටී.
විනෝද සාද, කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම් හැකි තරම් අවම කර ගන්නා ලෙස ද මෙහි දී කියා සිටී අතර අවදානම ඇති වීමට පෙර සූදානම් වීම අවශ්‍ය බව මෙහි දී පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ රෝගය මෙරට ජනයාට පැතිරීම වළක්වාලීම බවත් අවධාරණය කර සිටියේය.
ඒ සඳහා ආත්මාර්ථකාමී නොවී රටේ ජනතාව උදෙසා කරන කටයුතු සඳහා මෙරට පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව මෙහි දී සඳහන් කර සිටී.