අවශ්‍ය වන්නේ මෙම වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බවත් කියා සිටී අධ්‍යක්ෂවරයා මිනිසුන් අතර එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුයි යන මතයේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටී අතර සෞඛ්‍ය සේවකයින්ට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් සහ යම්කිසි ආකාරයක පැතිරීමට හැකි රෝග (උදා: වෛරස් උණ) තත්ත්වයක සිටින රෝගීන් අනිත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීම වැළක්වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතු වන අතර සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වලින් වල දී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙහි දී අවධාරණය කර සිටියේය.
කෙසේ වුව ද මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් තවත් එවැනි නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීමට යුධ හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කරන බව ද ප්‍රකාශ කර සිටියේය.