මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නාම යෝජනා භාර ගැනීම හෙට සිට ඇරඹේ

    මාර්තු 11, 2020

    පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වේ.

    ඒ අනුව, නාම යෝජනා භාර ගැනීම හෙට (12) සිට 19 දා දක්වා සතියේ දින වල පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා සිදු කෙරේ.

    මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මාර්තු 18 වන දා දහවල් 12 දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල වල දී සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම කියයි.


    නාම යෝජනා භාර දෙන අවස්ථාවට සහභාගී විය හැක්කේ දේශපාලන පක්ෂයක ලේකම්වරයා විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු හෝ කණ්ඩායම් නායකයා ඇතුළු අපේක්ෂක ලයිස්තුවේ දෙදෙනකු සමඟ 04 දෙනකුට පමණක් බව ද කොමිෂන් සභාව දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya